Tuesday, January 26, 2010

(අ )මනාපය.

ඔන්න ඉතින් අපිත් ගිහින් ඊයෙ කතිර ගහල ආවලු. ආපු ගමන් කල පලවෙනිම රාජකාරිය ඇඟිල්ලෙ ගාපු පාට සායම් මැකෙන්න දෙහි ලෙල්ලක් අතුල්ලන එක! වැඩේ නම් හරි ගියා හැබැයි තියන ප්රශ්නෙ ඡන්දයක් කියල එක එක්කෙනා කන් පිරෙන්න ගහපු කයිවාරු ටිකයි කාලා දාපු පැය ගානයි මකාගන්න දෙහි ලෙලි කීයක් ඕන වේද කියන එකයි.

මේක සිරි ලංකාවෙ හයවෙනි ජනාධිපතිවරණයෙයි කියන්නෙ! මේක ලියන ටිකේදිත් රේඩියෝ එකෙන් ප්රතිපල කියනව! හෙට වගේ වෙද්දි දිනපු කෙනා රජගෙදරට යයි. පැරදුනු කෙනා අකුලගෙන යයි. අපි ඔයාල සුපුරුදු පරිදි වැඩ රාජකාරි වලට යයි. ඊටපස්සෙ පෙරලුනු පිට හොදයි කියල දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න තමයි වෙන්නේ.

හැමදාම වගේ වෙන්නෙ ඡන්දෙ දිනල මාසයක් යනකොට "අනේ මේකට දුන්නට වඩ හොඳයි නිකං උන්න නම්" කියල අපි අපිටම දොස් කියාගන්න එක නෙ. ඒත් ඉතිං එක දවසකට රජ වෙන්න කවුද අකමැති. ඉතිං ඊයෙ 26 වෙනිද අපි තමයි රජවරු! අර කවුද කියන්න වගේ හෙට වෙනකොට බලු වේද කියල බලාගන්න නම් හෙට වෙනකම්ම ඉන්න වෙනව!

ප්රසිද්ධියෙ පොලිටික්ස් ගැන කතා නොකලට අපිට එකෙන් වහං වෙලා ඉන්න පුලුවන්ද කියන එකත් ප්රශ්නයක්. මාත් ඊයෙ අර කාඩ්බෝඩ් පෙට්ටිය අතරට ගිහින් පැන්සල අතට ගන්නකම් තීරනයක් නැතිව හිටියෙ. පස්සෙ ඔන්න ඕන එකක් කියල දීල දැම්ම. ඇනෑලිසිස් පැරෑලිසිස් කියල සංකල්පයකුත් තියනවනෙ. කවුරු ආවත් අපිට හොඳක් වෙනවනම් එච්චරයි. හැබයි වෙන්නෙ නැත්තෙත් ඒකමයි!

ඇත්තටම අද උදේ එක්කෙනෙක් චැට් එකෙන් සීතාම්බර සළු හොයද්දි දුකත් එක්ක හිනත් ගියා!

No comments: