Friday, January 29, 2010

ඉංග්‍රීසි සාහිත්‍යය නම් ෆෙස්ටිවල්...එතකොට සිංහල සාහිත්‍යය?

ඊයෙ ගාලු ගියා.." Galle Literary Festival" එක බලන්න. ඒක ඉන්ටර්නැෂල් කියල ගහල නොතිබ්බට තිබුනු ඔක්කොම අයිතම වල සත්කාරකත්වය දරලා තිබ්බේ විදේශික පිරිස්. හිටපු ඔක්කොමල වගේ ඉංග්‍රීසි කතාකරන, කොලඹ කට්ටිය. ලොකු වාහන වලින් ඇවිත්, බැහල ගාලු කොටුව වටේ රවුමක් කැරකිලා ආයෙත් කොළඹ එන එක තමයි එහෙම ආපු ඔක්කොමල වගේ කලේ. මේක ලියන්න හිතුනේ ඒ උත්සවයේ ගුණ දොස් විවේචනය කරන්න නෙවෙයි. ගුණක් කියන්න තරම් හොඳකුත් දොසක් කියන්න තරම් වැරැද්දකුත් ඒකෙ තිබ්බෙ නැහැ ඇත්තටම.

හැබැයි එක දෙයක්, ඒ උත්සවය හැමෝටම ගිහින් බලල එන්න පුලුවන් දේකුත් නෙවේ. එක අයිතමයකට ඇතුල් වීමේ ගාස්තුව රුපියල් 900ක්! නොමිලේ ඇතුල් වීමේ අවස්ථාව තිබ්බෙ අයිතම එකක්, දෙකක් සඳහා විතරයි. සම්පූර්ණ දිනේටම වලංගු අවසර පත්‍රය රුපියල් 3000ක්. ඉතිං ඔච්චර ගානක් දීලා සාහිත්‍යය ගන්න පුලුවන්ද අපි වගේ පොඩි අයට.

සාහිත්‍යය විතරක් නෙවේයි පරිප්පු ඇටේ ඉඳන් ඔක්කොම දේවල් ගිනි ගනන් කාලෙ ඔය ගාස්තු ගැන පුදුම වෙන්න දේකුත් නැහැ මම හිතන්නේ. මම ඔය විස්තරේ එක්කෙනෙක් එක්ක කිව්වම එයා කියනවා ගල්කිස්ස හෝටලෙන් දවල්ට කාල එන්නත් ඔච්චර ගානක් යන්නෙ නැතිලු. කවුදෝ කිව්වලු සාහිත්‍යය ඉතින් කන්නද කියල! ඒ කියපු කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් අපේ මිනිස්සුන්ගෙ සාහිත්‍ය රසඥ්‍යතාවය අන්තිමයි කියල කෑගහන අය ඒ වෙනුවෙන් මොකුත් නොකරන නිසාත්, රුපියල් 900කට වඩා අඩුවෙන් බාල වින්දනයක් ගන්න පුලුවන් ඕන තරම් ඉඩකඩ තියන නිසාත්, රසඥ්‍යතාවය අඩු අපේ තවත් රසඥ්‍යතාවය මොට්ට වෙන එක අහන්න දේකුත් නෙවේ.

මේ කතාවේ දෙපැත්තක් තියන බවත් ඇත්ත. සාහිත්‍යට වඩා වැදගත් කොච්චර දෙවල් තියෙනවද? එහෙම කියල අනිත් පැත්තට අපිම රිලැක්ස් වෙන්න කියල හොඳ සින්දුවක් අහනව, අපි මුහුන දීපු සංවේදී අත්දැකීමක් බ්ලොග් කරනවා. බලන්න, අපි හිතුවට සාහිත්‍යය කන්නද කියල අපි ආයෙ ආයෙත් එතෙන්ටම යන හැටි!

සිංහල භාෂාවට කරන්න පුලුවන් දේවල් පෙන්නපු දක්ෂයො එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් අනිවාර්යයෙන්ම ඉඳීවි. ඒත් එහෙම අයට ඉස්සරහට එන්න තියන ඉඩකඩ ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ නිසානේ අපේ රටට විදේශිකයො ඇවිත් එයාලගෙ සාහිත්‍යය ගැන අපිට කියල දෙන්නෙ අපෙන් සල්ලිත් අරන්!

සිංහල විතරක් නෙවේ අපේ රටේ අනිත් ප්‍රධාන භාෂාව වන දමිළ භාෂාවත් හොඳ වියත් භාෂාවක්. ඒකට තියන තැන ගැන කියන්න මට හරියටම දැනීමක් නැහැ. මොකද මගෙන් ඇහුවොත් දන්න දමිළ භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන කෙනෙක්ග්ගෙ නමක් කියන්න කියලා, ඒකට මට උත්තරයක් නැති නිසා!

2 comments:

Anonymous said...

ඇයි අපේ මහා ලොකු සාහිත්‍යකාරයෝ ගාල්ලේ හිටියා නේද? එයාලා ඕවට කතා කරන්නේ නැත්තේ මොකෝ? රාජ ඌෂ්නේ වැදිලද දන්නේ නෑ...

Sach said...

කවුද දන්නේ. සාහිත්‍යය කියල නම පාවිච්චි වෙන්නෙ සැප්තැම්බර් මාසෙට විතරයි!